අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනය ඇරඹේ

අගෝ 18, 2020

    එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය මූලික කර ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂයේ සම්මේලනය ආරම්භ වී තිබේ.

    එම අවස්ථාව එරට ජනාධිපතිවරණයේ ප්‍රමුඛතම සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ. මෙවර ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ ජෝ බයිඩන්. ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් මෙම රැළිය උත්සවාකාරයෙන් සංවිධාන කෙරේ.

    අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ බලයේ සිටින ජනාධිපතිවරයාට ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ පක්ෂ සම්මේලනය උත්කර්ෂවත්ව පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්වයි, පක්ෂ සම්මේලනය පැවැත්වෙන්නේ. පුද්ගල සහභාගීත්වයෙන් තොරව අන්තර්ජාලය යොදා ගනිමින් එය පැවැත්වීමටයි, පක්ෂය තීරණය කර ඇත්තේ. සම්මේලනයේ දී ජනාධිපති අපේක්ෂකයාගේ සහ පක්ෂයේ ප්‍රතිපත්ති එළිදැක්වීම ද සිදු කෙරේ.

    Last modified on අඟහරුවාදා, 18 අගෝස්තු 2020 12:20

    Latest News