අමෙරිකාවේ වැඩිම ආසාදිතයින් කැලිෆෝනියාවෙන්

ජන 25, 2021

    අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දොකෝටි 57 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    එරට මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, හාර ලක්ෂ 29,000ක් ලෙසයි.

    අමෙරිකාවෙන් ඊයේ දිනය තුළ පමණක් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 35,000කට අධිකයි. අමෙරිකාවේ ඊයේ දිනය තුළ සිදුවු මරණ සංඛ්‍යාව 1,844ක්.

    එරට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව එක්කෝටි 54 ලක්ෂයක්. අමෙරිකාවේ වැඩිම රෝගීන් වාර්තා වන්නේ,කැලිෆෝනියා ප්‍රාන්තයෙන්. එම සංඛ්‍යාව 31 ලක්ෂයකට අධිකයි.

    Last modified on සදුදා, 25 ජනවාරි 2021 11:16

    Latest News