රටවල් 33ක සංචාරකයින්ට අමෙරිකාව විවෘතයි

ඔක් 16, 2021

    රටවල් 33ක සංචාරකයන් සඳහා අමෙරිකාවට පැමිණීමට එරට සෞඛ්‍ය බලධාරීන් අවසර දී තිබේ.

    එළඹෙන නොවැම්බර් මස 8වැනිදා සිට එම අවසරය හිමි වන බවයි, ධවල මන්දිරය පවසන්නේ.

    අමෙරිකාවේ සංචාරය සඳහා ඉඩ ලැබෙන්නේ, කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයන්ට පමණයි. ඒ සඳහා පැය 72කට පෙර ලබාගත් පීසීආර් පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු නොවන බව තහවුරු විය යුතුයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති සියලු එන්නත් වර්ගවල මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට අමෙරිකාවට ඇතුලු විය හැකියි.

    එහෙත්, යුරෝපා සංගමයට අයත් රටවලට පැමිණිය හැකි වන්නේ එම සංගමය අනුමත කළ එන්නත් ලබා ගත් පුද්ගලයන්ට පමණක් වීම විශේෂත්වයක්.

    අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හාරකෝටි පනස් හත් ලක්ෂ තිස් අට දහස ඉක්මවා තිබේ.

    ඊයේ නව ආසාදිතයන් 92,000කට අධික පිරිසක් වාර්තා වූ අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1705ක්. එරට සමස්ත මරණ සංඛ්‍යාව හත් ලක්ෂ 43,000 ඉක්මවයි.

    Last modified on සෙනසුරාදා, 16 ඔක්තෝබර් 2021 12:34

    Latest News