සාමකාමී මැතිවරණයක් පැවැත්වීම ගැන අමෙරිකාවෙන් සුබ පැතුම්

අගෝ 07, 2020

    කොවිඩ් -19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබිය දී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබේ.

    පසුගියදා පැවති මහ මැතිවරණයේ දී මෙරට ජනතාව තම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් භාවිත කරමින් ඔවුන්ගේ මීළග පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමට ක්‍රියා කළ බවයි, මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ.

    නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින් සියලුදෙනාම ඇතුළත් කර ගනිමින් ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයන් ගොඩ නැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම හා රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වන කැපවීම රජය විසින් අලුත් කරනු ඇතැයි, යන්න තම අපේක්ෂාව බව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. රජය සහ නව පාර්ලිමේන්තුව සමග හවුල් වී ක්‍රියා කිරීමට තම රට බලාපොරොත්තු වන බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 11:19

    Latest News