ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට අමෙරිකාවෙන් එන්නත් මිලියන 07ක්

ජූනි 04, 2021

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට, කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 07 ක් පරිත්‍යාග කිරීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ තීරණයකට අනුව එම වැඩසටහන ක්‍රියාත්මකයි.

    මේ මාසය අවසන් වනවිට ලොවපුරා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 80 බෙදාහැරීම අමෙරිකානු ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

    ඒ අනුව ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, මැලේසියාව, පිලීපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය සහ පැසිෆික් දූපත් සදහා එන්නත් මිලියන 07 බෙදා හැරෙනු ඇ.ති.

    අමෙරිකාව මේ වනවිටත් කැනඩාව සහ මෙක්සිකෝවට, එන්නත් මාත්‍රා මිලියන 4ක් බෙදා හැර අවසන්.

    Latest News