ඉන්දියාව 74 වන නිදහස සමරයි

අගෝ 15, 2020

    ඉන්දියාව අද සිය 74 වන නිදහස් දිනය සමරයි.

    නිල උත්සවය අද උදෑසන ආරම්භ කෙරුණේ, නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවේදී. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උදේ 7.18ට රතු බලකොටුවේ ලාහෝර් දොරටුවෙන් අමාත්‍ය රාජ්නාත් සිංහා සහ ආරක්‍ෂක ලේකම් අජේ කුමාර් විසින් අගමැති මෝදි පිළිගනු ලැබීය.

    නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ, ස්වයංපෝෂිත ඉන්දියාව ඉන්දියානුවන් කෝටි 130කට යථාර්ථයක් වී ඇති බවයි. ස්වයං විශ්වාසී ඉන්දියාවක් සෑම පුරවැසියෙකුගේම මනසෙහි හා හදවත් තුළ පවතින අතර එම සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

    අගමැති මෝදි ඉන්දීය ජාතික දිනයේදී මෙලෙස ජාතිය අමතනු ලැබුවේ, අඛණ්ඩ 07 වන වරටයි. ගුවන්, නාවික සහ දිල්ලි පොලිසිය නියෝජනය කරන ආරක්‍ෂක අංශ විසින් උත්සවයේදී විශේෂ උත්තමාචාරයක් ද පවත්වනු ලැබූ බව ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 18:41

    Latest News