ඉකුත් පැය 24 දී ලොවපුරා කොවිඩ්19 ආසාදිතයින් 285,994ක්

අගෝ 15, 2020

    ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට වාර්තා වන්නේ දෙකෝටි 13 ලක්‍ෂ 54,686ක් ලෙසයි.

    ඉකුත් පැය 24 තුළ පමණක් ලොව පුරා නව ආසාදිතයන් දෙලක්‍ෂ 85,994 දෙනෙකු වාර්තා විය. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය වාර්තා පෙන්වා දෙන්නේ, වෛරසය හේතුවෙන් මේ දක්වා ලොව හත් ලක්‍ෂ 63,353ක පිරිසක් මරණයට පත්ව ඇති බවයි.

    ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන අමෙරිකාවට පසුව වසංගතය තදින්ම බලපා ඇත්තේ, බ්‍රසීලය සහ ඉන්දියාවටයි. බ්‍රසීලයෙන් මේ වනවිට ආසාදිතයන් 32 ලක්‍ෂ 78 දහසකට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව 25න් ලක්‍ෂ 25න් දහස ඉක්මවා ගිහින්.

    Latest News