ඉන්දියාවේ දෛනිකව හඳුනාගන්නා කොවිඩ්19 රෝගීන් ඉහළට

අගෝ 09, 2020

    ඉන්දියාවෙන් දෛනිකව හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගනිමින් තිබේ.

    ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 65,150කට අධිකයි. එය ඊයේ දිනය තුළ ලොව පුරා රටවලින් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව ද වේ.

    මේ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21ක් ලක්‍ෂ 50ස් දෙදහස ඉක්මවා ගියේය. ඊයේ සිදුවූ මරණ සංඛ්‍යාව 875ත් සමඟ එරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 43,000කට අධිකයි. මේ අතර, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍ර දේශ් ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් රැඳවූ හෝටලයක හටගත් හදිසි ගින්නකින් 7 දෙනෙකු මියගොස් තිබේ.

    Latest News