අමෙරිකානු ජාතික ආරක්‍ෂක උපදේශකට කොවිඩ්19 වැළඳේ

ජූලි 28, 2020

    අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්‍ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ට්‍රම්ප් පාලනයේ කොරෝනා ආසාදය වැළඳුණු ඉහළම රාජ්‍ය නිලධාරියා ඔහුයි. ඔහු, ඉතා සුළු රෝග ලක්‍ෂණ පමණක් පෙන්නුම් කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට රොබට් ඕ බ්‍රයන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි, සඳහන්. එමෙන්ම ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ කටයුතු ද, බාධාවකින් තොරව සිදුවන බව වාර්තාවේ. රොබට් ඕ බ්‍රයන්හට වෛරසය ආසාදනය වුවත් ඔහු ජනාධිපති ට්‍රම්ප්ට හෝ උප ජනාධිපති මයික් පෙන්ස් හමුවේ, නිරාවරණය නොවූ නිසා ඔවුන් දෙදෙනාට තර්ජනයක් නොමැති බව බලධාරීන් පවසයි. එහෙත් ඔහු අවසන්වරට ජනාධිපතිවරයා හෝ උප ජනාධිපතිවරයා හමුවූ දින ප්‍රකාශයට පත්කර නොමැත. අමෙරිකානු ජනාධිපතිවරයා ඇසුරු කරන හා ඔහු සමීපයට පැමිණෙන සියලු දෙනා නිරතුරුව කොවිඩ් 19 රෝගය සඳහා පරීක්‍ෂාවට ලක් කෙරේ.

    Latest News