ඉතිහාසයේ මුහුණදුන් බරපතලම හදිසි තත්වය කොවිඩ්-19 වසංගතයයි - WHO

ජූලි 28, 2020

    තම සංවිධානය, ඉතිහාසයේ මුහුණදුන් බරපතලම හදිසි තත්වය කොවිඩ්-19 වසංගතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එය ඉතා පැහිදිනිව තහවුරු වන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ගේබ්‍රියේසිස් කියා සිටී.

    ලෝක සෞඛ්‍ය සංවිධානය, මීට පෙර ගෝලීය වසංගත තත්ව පහකට මුහුණ දී තිබේ. එනම් “එබෝලා” වසංගතය දෙවරක්, සිකා, පෝලියෝ සහ සූකර උණ වසංගත තත්වයන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, ටෙඩ්‍රස් ගේබ්‍රිෙය්සිස් පවසන්නේ, 2020 ජනවාරි 30 වැනි දින මේ පිළිබඳව තමා ලෝක ප්‍රජාවගේ අවධානයට යොමු කළ බවයි. එකල චීනයට අමතරව, අනෙකුත් රටවලින් වාර්තා වී තිබුණේ, රෝගීන් සියයකටත් අඩු පිරිසක්. එමෙන්ම, ඒ වනවිට මරණ කිසිවක් වාර්තා වී නොතිබුණු බව ද, ඔහු අවධාරණය කර සිටී. නමුත් මේ වනවිට ලෝකයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 16 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව හය ලක්‍ෂ 50,000කට අධිකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසන්නේ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකය පූර්ණ වෙනසකට භාජනය වී ඇති බවයි.

    Latest News