වේගවත් පරීක්ෂණ ක්‍රමවේද නිසා රෝගීන් වැඩිවෙලා..

ජූලි 15, 2020

    අමෙරිකාවේ ආරම්භ කෙරුණු වේගවත් කොරෝනා පරීක්ෂණ ක්‍රමවේද හේතුවෙන් ආසාදිතයන් වාර්තා වී වැඩි වී තිබේ.

    මේ හේතුවෙන් කොවිඩ් දහනවය රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ඇතැයි, කොරෝනා මර්දන වැඩසටහනේ ප්‍රධානී, වෛද්‍ය ඇන්තෝනි ෆවුසි පවසයි.

    අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව, තිස් පන් ලක්ෂ 45,000 ඉක්මවා තිබේ. ගතවූ පැය 24 ඇතුළත එරටින් නව කොරෝනා ආසාදිතයන් 65,488 දෙනෙකු හඳුනා ලැබිණ. මියගිය සංඛ්‍යාව එක් ලක්ෂ 39,143 දෙනෙක්. සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ 16ක්.

    Latest News