ජනහහනය අඩු විය හැකි බවට අනුමානයක්

ජූලි 16, 2020

    මෙම සියවස නිමවන විට ලොව පුරා ජනහහනය අඩුවිය හැකි බව, පර්යේෂකයන් පෙන්වා දේ.

    දරු උපත් ශීඝ්‍රයෙන් අඩුවීම නිසා සමාජයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි, ඔවුන්ගේ අනුමානය වන්නේ.

    බොහෝ රටවල වයස්ගත ජනගහනයේ වැඩිවීමක් ද ඇතිවිය හැකියි.

    ජනගහනය අඩුවීමට ප්‍රධාන හේතුවක් ලෙස පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කාන්තාවන් සිය ජීවිත කාලය තුළ බිහි කරන දරුවන් සංඛ්‍යාව අඩුවිමයි.

    1950 වසරේදී කාන්තාවක ලැබූ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 4.7 ක් පමණ විය.

    2064 දී ලෝක ජනගහනය බිලියන 9 . 7 ක් දක්වා උපරිම විය හැකි බව ද පර්යේෂකයන් පෙන්වා දේ.

    Latest News