ලොව පුරා ආසාදිතයින් එක්කෝටි තිස් හතර ලක්ෂයක්

ජූලි 15, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 34 ලක්ෂ 46,108ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වන මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 80,247ක්.

    ගත වූ පැය 24ට වැඩිම මරණ සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1341ක්. ඒ අනූව, එරට සමස්ත මරණ සංඛ්‍යාව 74,262ක්. ආසාදිතයින් සංඛ්‍යාව දහනව ලක්ෂ 31,204ක්.

    අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 39,136ක් දක්වා ඉහළ ගොස් තිබේ. එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව තිස් පන් ලක්ෂ 44,719ක්.

    ඉන්දියාවේ නව මරණ 588ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 24,315ක්. ආසාදිතයින් සංඛ්‍යාව නව ලක්ෂ 37,487ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බදාදා, 15 ජූලි 2020 10:44

    Latest News