ඊශ්‍රායලයෙන් නව ඔත්තු සේවා චන්ද්‍රිකාවක්

ජූලි 07, 2020

    ඊශ්‍රායලය ඊයේ නව ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කර තිබේ. හමුදා බුද්ධි අංශ කටයුතු සඳහා භාවිතා කළ හැකි උසස් තත්වයේ ඡායාරූප ලබා ගැනීමට හැකි වීම මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය වනවා.

    දියත් කරන ලද චන්ද්‍රිකාව විසින් ලබා ගන්නා ප්‍රථම ඡායාරූප පෙළ දින හතකට පසු ලැබීමට නියමිතව තිබේ. නව ව්‍යාපෘතිය මගින් න්‍යෂ්ටික තර්ජනයක් ලෙස ඊශ්‍රායලය විසින් සලකන ඉරානය වැනි රටවල් නිරීක්ෂණය කිරිමට බලාපොරොත්තු වෙයි. දියුණු හැකියාවක් සහිත මෙම විද්‍යුත් දෘශ්‍ය ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව චෆෙක් 16 නමින් නම් කර තිබෙන බව වාර්තා වෙයි.

    Latest News