සතුන්ගෙන් බෝවන තවත් රෝගී තත්වයක්

ජූලි 07, 2020

    මෑත කාලීනව ලෝකයට දරුණු බලපෑම් එල්ල කළ එබෝලා සහ සාර්ස් වැනි රෝග ද දැනට ලෝකය පුරා ව්‍යාප්තවී ඇති නව්‍ය කොරෝනා වෛරසය ද මෙලෙස සතුන්ගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය වූ වෛරස් කාණ්ඩවලට අයත්.

    සතුන් මගින් මිනිසාට බෝවන රෝග සම්බන්ධයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බවප පවසන්නේ, අමෙරිකානු විශේෂඥයින් පිරිසක්. 

    සත්ත්ව ප්‍රෝටීන සඳහා ඇති අධික ඉල්ලූම, අක‍්‍රමවත් කෘෂිකාර්මික ක‍්‍රම මෙන්ම කාලගුණ විපර්යාස හේතුවෙන් කොවිඞ් - 19 වැනි මෙවැනි රෝග බෝවීම ඉහළ ගොස් ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    ඒ අනුව, සතුන් මගින් බෝවන එහෙත්, මිනිසුන් විසින් නොසලකා හැර ඇති රෝග මගින් වසරකට පුද්ගලයින් මිලියන 02 ක් පමණ මියයන බවයි එම අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කර ඇත්තේ.

     

     

    Latest News