ඉන්දියාවේ ආසාදිතයින් හත් ලක්ෂය ඉක්මවයි

ජූලි 07, 2020

    ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    වැඩිම ආසාදිතයන් වාර්තාවන රටවල් අතරින් ඉන්දියාව පසුවන්නේ තෙවැනි ස්ථානයේ. පසුගිය දින කෙ තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් පනස් දහසකට වැඩි පිරිසක් වාර්තා වෙයි.

    ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට හත් ලක්ෂ 20,346ක් බවට පත්ව තිබේ. එරටින් මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 20,174ක්. කොරෝනා වෛරසය ගොදුරු වූ හාර ලක්ෂයකට අධික පිරිසක් සම්පූර්ණ සුවය ලබා සිටින බවයි, ඉන්දීය සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 07 ජූලි 2020 10:29

    Latest News