අභ්‍යාවකාශ පරිසර අධීක්ෂණයට චීනයෙන් චන්ද්‍රිකාවක්

මාර් 12, 2021

    චීනය අභ්‍යාවකාශ පරිසර අධීක්ෂණය සඳහා අද සාර්ථකව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට කටයුතු කර තිබේ.

    ඒ සම්බන්ධ රොකට්ටුව ගුවන් ගත කරනු ලැබ ඇත්තේ, දකුණු චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යාවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.

    ලොන්ග් මාර්ච් 7-Y 2 වර්ගයේ රොකට්ටුවක් මගින් චන්ද්‍රිකාව පෘථිවි කක්ෂය කරා ගෙන ගොස් තිබේ. බීජිං වේලාවෙන් අළුයම 1.51ට රොකට්ටුව අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වී ඇති ඇති අතර, එය සාර්ථකව කක්ෂගත වූ බව අභ්‍යාවකාශ පර්යේෂකයන් කර ඇත. මෙම චන්ද්‍රිකාව නව තාක්ෂණයන්ට අවශ්‍ය පෘතිවි කක්ෂය හා අභ්‍යාවකාශ පරිසරය අධීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 12 මාර්තු 2021 13:11

    Latest News