කළු කුහරයේ අලුත් ඔත්තුකාරයා

ජන 02, 2024
    තාරකා විද්යාත්මක අධ්යයනයන් සඳහා නිරීක්ෂණාගාරයක් සහිත චන්ද්රිකාවක් සාර්ථකව අභ්යවකාශගත කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

    ඉන්දීය අභ්යාවකාශ ඒජන්සිය පවසන්නේ "කළු කුහර" ගවේෂණයට ද මෙම චන්ද්රිකාව සමත් බවයි.

    "එක්ස්පොසැට්" නමින් හඳුන්වන චන්ද්රිකාව, අධි බලැති රොකට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවේ ශ්රී හරිකෝටා අභ්යවකාශ මධ්යස්ථානයෙන් ඊයේ දියත් කර තිබෙනවා.
     
    නාසා ආයතනය 2021 දී දියත් කළ අභ්යවකාශ නිරීක්ෂණ යානාවෙන් පසු ලෝකයේ මෙවැනි ආකාරයේ අභ්යවකාශ මෙහෙයුමක් සිදු කරන ලද පළමු අවස්ථාව මෙයයි.
     
    තම විද්යාඥයින් හට කළු කුහර පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමට මෙම අභ්යවකාශ මෙහෙයුම උපකාර වනු ඇතැයි, ඉන්දියානු අභ්යාවකාශ එජන්සිය විශ්වාස පළ කරනවා. මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 30 ක් පමණ වැය කෙරුණා.
     
    "එක්ස්පොසැට්" චන්ද්රිකාවේ ආයු කාලය වසර පහක් ලෙසයි, ගණන් බලා ඇත්තේ.

    Latest News