චීනයේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක්

ජූනි 16, 2020

    චීනයේ කොරෝනා දෙවැනි රැල්ලක් අවදානමක් මතුව තිබේ. එම නිසා එරට නිරෝධායන නීති දැඩි කර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, බීජිං නගරයෙන් මේ වනවිට අලුතින් කොරෝනා ආසාදිතයන් සියයකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් සියලු දෙනාම නගරයේ මත්ස්‍ය වෙළෙඳසල ආශ්‍රිතව වෛරසය ආසාදිතවූවන්. පසුගිය සති 7ක් පුරා බීජිං නගරයෙන් වාර්තා වූයේ විදේශයන්හි සිට පැමිණි කොරෝනා රෝගීන් පමණි. ආනයනය කරන ලද සැමන් මසුන් මගින් මෙම වෛරසය රට තුළට ඇතුළු වූ බවට සැකපළ කෙරේ. එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, එය උපකල්පනයක් පමණක් බවයි.

    Latest News