කොවිඩ්19 රෝගීන් වාර්තාවීම අනුව ශ්‍රී ලංකාව චීනයට ආසන්න වෙයි

මාර් 16, 2021

    www.worldometers.info වෙබ් අඩවියට අනුව අද වන විට ලෝකයේ කොවිඩ්19 රෝගීන් වාර්තාවීම අනුව පිළිවෙළින් චීනය 86 වන ස්ථානයේ හා ශ්‍රී ලංකාව 87වන ස්ථානයේ පසුවේ.

    එම වෙබි අඩවියට අනුව චීනයේ කොවිඩ්19 රෝගීන් 90,062ක් වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ මේවන විට වාර්තා වන කොවිඩ්19 රෝගීන් සංඛ්‍යාව 88,238කි.

    නමුත් BBC ප්‍රවෘත්ති වෙබි අඩවියට අනුව චීනයෙන් වාර්තාවන කොවිඩ්19 රෝගීන් ගණන ලක්ෂය ඉක්මවන බව ද වාර්තා කරයි.

    රෝගීන් වාර්තා වීම අතින් චීනය ආසන්නයට ශ්‍රී ලංකාව පැමිණය ද කොවිඩ්19 මරණ සංඛ්‍යාව අනුව චීනයට වඩා ඉතා අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවේ. චීනයේ කොවිඩ්19 මරණ 4636ක් වාර්තා වන අතර ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන්නේ කොවිඩ්19 මරණ 532කි.

    මේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන මුළු කොවිඩ්19 රෝගීන් ගණන 30,138,586කි. බ්‍රසීලයේ කොවිඩ්19 රෝගීන් 11,525,477ක් වාර්තා කරමින් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ. ඉන්දියාව එහි 3න් වන ස්ථානයේ සිටින්නේ ‍කොවිඩ්19 රෝගීන් 11,409,831ක් වාර්තා කරමිනි.

    Latest News