උතුරු සහ දකුණු කොරියා යුද උණුසුමක්

ජූනි 16, 2020

    කොරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි යුද මුක්ත කලාපයට හමුදාව යෙදවීමට පියවර ගන්නා බව, උතුරු කොරියාව පවසයි.

    දකුණු කොරියාවේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ පියවර ගන්න බවයි උතුරු කොරියාව කියා සිටින්නේ.

    පසුගිය සති කිහිපයේදී දකුණු කොරියාවේ ජන කොටස්‌ කිහිපයක්‌ උතුරු කොරියාවට පත්‍රිකා යැවීමට පියවර ගෙන තිබුණා. ඒ, වායු බැලූන්‌ හා ගංගා උපයෝගි කර ගනිමින්‌. ඒවායේ සඳහන්ව ඇත්තේ, උතුරු කොරියානු නායකයා විවේචනය කරන අදහස්‌. ඊට අමතරව, චොක්ලට්, කුඩා ගුවන්‌ විදුලි යන්ත්‍ර, අමෙරිකානු ඩොලර්‌ නෝට්ටු, දකුණු කොර්යානු නාට්‍ය සහ පුවෘත්ති ඇතුළත්‌ පෙන්ඩ්‍රයිව් ද වායු බැලූන හා ගංඟා උපයෝගි කර ගෙන උතුරු කොරියාවට යවා තිබෙනවා.

    මේ හේතුවෙන්‌ දෙරට අතර, දැඩි මතභේදකාරී තත්වයන්‌ ඇති වුණා. ඊට ප්‍රතිචාර දක්වමින්‌ උතුරු කොරියාව දෙරට අතර, සන්නිවේදන නාලිකාව ද පසුගියදා විසන්ධි කළා. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගේ සහෝදරිය කියා සිටියේ එරට හමුදාව ඕනෑම අවස්ථාවක ක්‍රියාකාරීව සිටින බවයි.

    Latest News