කොරෝනා නිසා චීනයේ සමාගම් රැසක වැඩ නවතී

මාර් 16, 2022

    චීනයේ යළි ඉහළ කොරෝනා ව්‍යාප්තියක් වාර්තා වෙයි. මේ නිසා එරට බහුජාතික සමාගම් රැසක් සිය සේවා අත්හිටුවයි.

    කර්මාන්ත ශාලා වසා තැබීමට ක්‍රියාකර ඇති බවයි, වාර්තා වන්නේ. කොරෝනා වසංගත ව්‍යාප්තිය යළි ඉහළ යාම, චීනය දැඩි අවදානම් තත්වයකට පත්කර තිබේ.

    එළඹෙන 20 වැනිදා තෙක් එරට ප්‍රදේශ රැසක වෙළෙඳසැල් ද වසා තැබීමටයි, ක්‍රියාකර ඇත්තේ.
    තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් වන ශෙන්සෙන් සහ මිලියන ගණනක් ජනතාව වෙසෙන ජිලින් පළාත වසංගත ව්‍යාප්තියෙන් දැඩි බලපෑමට ලක් වූ ප්‍රදේශ ලෙසයි, සැලකෙන්නේ.
    එම කලාපවලින්, වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනේ. චීනයෙන් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,000කට ආසන්නයි.

    ටොයෝටා, වොක්ස්වැගන් හා ඇපල් සමාගම් සැපයුම්කරු වන ෆොක්ස්කොන්, වෛරස ව්‍යාප්තිය නිසා වසා දමා ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News