කැපී පෙනෙන ලෙස මරණ අඩුවූ රටවල් 3ක්

මැයි 04, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් මීට පෙර ලොව වැඩිම බලපෑමකට ලක්වූ ඉතාලිය, ස්පාඤ්ඤය හා ප්‍රංශය යන රටවල ඉකුත් පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන අඩු වීමක් පෙන්නුම් කරයි.

    ඒ අනූව, එම රටවල් රැසක් මේ වන විටත් වෛරස ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට කටයුතු කර අවසන්. ඉකුත් පැය 24 තුළ ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා නව මරණ සංඛ්‍යාව 174ක්. එය ගතවූ මාස දෙක තුළ එරටින් දිනක වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව ලෙස සැලකෙයි.

    ඉකුත් පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ 164ක්ද, ප්‍රංශයෙන් මරණ 135ක් ද වාර්තා විය. මේ වන විට යුරෝපා කලාපයේ, කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති රට බවට, එක්සත් රාජධානිය පත්ව තිබේ. ඉකුත් පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 315ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 28,400 ඉක්මවා ගිහින්.

    එක්සත් රාජධානියෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 86,000 ඉක්මවා ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුළ හඳුනා ගනු ලැබු නව ආසාදිතයින් 4,339 දෙනා සමගයි. ඒ අනූව, එක්සත් රාජධානිය ලොව තෙවැනියට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව තිබේ.

    Last modified on සදුදා, 04 මැයි 2020 16:14

    Latest News