ජපානය තුළ නව කොරෝනා බලපෑම ඉහළට

අප්‍රේ 24, 2020

    ජපානය තුළ නව කොරෝනා වෛසරයේ බලපෑම වර්ධනය වෙමින් වෙමින්‌ පවතින බව වාර්තා වේ.

    පෙබරවාරි හා මාර්තු මාසවල දී ආසාදිතයන්ගේ වර්ධනය මැඩ පැවැත්වීමට සමත්‌ වූවද, මේවන විට ටෝකියෝ නුවරින්‌ පමණක්‌ වාර්තා වන රෝගීන්‌ සංඛ්‍යාව 3800 ඉක්මවා තිබේ.

    ටෝකියෝ අගනුවර තුළ කොරෝනා වෛරසය සීඝයෙන්‌ වර්ධනය වන තත්වයක්‌ පෙන්නුම්‌ කරන බවයි වර්තා වන්නේ. ජපානය පුරා මේවන විට හඳුනාගෙන ඇති රෝගීන්‌ සංඛ්‍යාව, දොළොස්‌ දහස් තුන්සීයකට අධිකයි. වෛරසය හේතුවෙන්‌ රෝගීන්‌ 328 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර 1,494 දෙනෙකු පමණක්‌, දැනට‌ සුවය ලබා ඇති බව වාර්තා වේ. රෝගීන්‌ වාර්තා වන වේගය දෙස බලන විට රෝහල්‌ පහසුකම් ඉදිරියේදී මදිවීමට ඉඩ ඇති බව ජපාන සෞඛ්‍ය බලධාරීහු මත පළ කරති.

    Latest News