අමෙරිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට යළි තර්ජන

අප්‍රේ 24, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා ලබාදෙන ආධාර මුදල් යළි කිසිදු විටෙක ලබා නොදෙන බව, අමෙරිකාව පවසයි.

    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මේ බව කියා සිටියේ, විදෙස් මාධ්‍ය වෙත අදහස්‌ ඉදිරිපත්‌ කරමිනි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී සංවිධානයක්‌ ලෙස ක්‍රියා කරමින්‌, කොරෝනා ‍වෛරසයේ සත්‍යය තොරතුරු වසං කර ඇති බවට ජනාධිපති ට්‍රම්ප්‌ මීට පෙර චෝදනා කර තිබිණි. මෙම චෝදනාව මත අමෙරකාව විසින්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබාදෙන මූල්‍යය ආධාර කපා හැර තිබේ. මේ පිළිබඳ නවනම තීරණ හා යෝජනා ප්‍රකාශයට පත්කිරීම උදෙසා රාජ්‍ය ලේකම්‌, මයික්‌ පොම්පෙයෝ මාධ්‍ය හමුවක්‌ කැඳවා තිබිණි. ඔහු කියා සිටියේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණදුන්‌ ආකාරය බලන විට එම සංවිධානය ප්‍රතිසංවිධාන කළ යුතු සංවිධානයක්‌ ලෙස පෙනෙන බවයි. මෙලෙස පොම්පෙයෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනය කරන අතරතුර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික්‌ පාක්ෂිකයින්ගේ අදහස වී තිබුණේ, රෝගය පාලනය කරගැන්මට නොහැකිවීම හේතුවෙන්‌ එම වරද ලෝක සෞඛ්‍ය සංවිධානය පිට පැටවීමට ජනාධිපති ට්‍රම්ප්‌ උත්සාහ දරන බවයි.

    Latest News