ආර්ථික පසුබෑමෙන් ගොඩ එන්න නවසීලන්තයේ ඇමතිවරුන්ගේ වැටුප් කපයි

අප්‍රේ 15, 2020

    කොරෝනා වෛරස බලපෑම සිදුව ඇති නවසීලන්තයේ හටගෙන ඇති ආර්ථික පසුබෑම හේතුවෙන්, රාජ්‍ය බලධාරීන්ගේ වැටුප් කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

    එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, අමාත්‍යවරුන් සහ රාජ්‍ය සේවා ප්‍රධානීන්ගේ සියයට 20ක වැටුප් කප්පාදුවක් සිදු කෙරෙන බවයි.

    නවසීලන්තයේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 1,386 දෙනෙකු වාර්තා වන අතර මරණ 9ක් සිදුව තිබේ. රෝගය මැඩපැවැත්වීම සඳහා රට වසා දැමීමේ තත්වය, තවදුරටත් පවත්වාගෙන යන අතර පවතින පසුබිම හමුවේ නවසීලන්තය ආර්ථික පසුබෑමකට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ. ඊට මුහුණදීම සඳහා අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය සේවා ප්‍රධානීන්ගේ වැටුප් කප්පාදු කිරීමට තීරණය කර ඇත්තේ, අගමැති ජසින්තා අර්ඩන් විසින්. මාස 6ක කාලයකට වැටුප් කප්පාදුව සිදුකරන බව විදේශ වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 14:20

    Latest News