නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

අප්‍රේ 08, 2023

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වනවිට කුවින්ස්ටවුන්හිදී පැවැත්වේ.

    තරගයේ කාසිය වාසිය දීනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

    පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තා.

    ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 48 ක දී ලකුණු 73යි. කුසල් ජනිත් පන්දු 21 ක දී ලකුණු 33 යි.

    බෙන් ලිස්ටර් කඩුලු 2යි.

    ලකුණු 183ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු100 යි.

    Latest News