චීනය සීමා ලිහිල් කර සිදුකර ගත් ඇබැද්දියක්

අප්‍රේ 15, 2020

    පසුගිය සඳුදා චීනයේ කොරෝනා රෝගීන් 108 දෙනෙකු වාර්තා වී තිබේ.

    ඉන් 98 දෙනෙක්ම විදේශිකයන් සහ වෙනත් රටවල සිට පැමිණි චීන වැසියන් බව වාර්තා වේ.

    මෙම පිරිසෙන් හත්දෙනෙකු රුසියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි නගරයක් වන Heilongjiang යෙන් වාර්තා වූ අතර 03 ක් Guangzhou නගරයෙන් වාර්තා විය.

    පසුගියදා වූහාන් නගරයට පනවා තිබූ සීමා ඉවත් කරන ලදී.

    නමුත් වෙනත් රටවල සිට පැමිණෙන චීන ජාතිකයන් සහ විදේශිකයන් අතර නැවත රෝගීන් වාර්තා වෙමින් තිබේ.

    සමාජ දුරස්ථකරණය, ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි ක්‍රියාමාර්ග තවමත් ක්‍රියාත්මක වෙමින් පැවතියත් ව්‍යාපාරික ස්ථාන නැවත විවෘත කර තිබෙන අතර ජනතාව සාමාන්‍ය පරිදි රැකියා සහ අනිකුත් වැඩකටයුතුවල නිරත වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    Latest News