සුප්‍රකට ගායිකා ඩොලීගෙන් කොවිඩ් පර්යේෂණවලට ඇ.ඩොලර් මිලියනයක්

අප්‍රේ 02, 2020

    ලෝක ප්‍රකට ගායිකාවක් වන ඩොලී පාට්න් කොරෝනා වෛරසයේ පර්යේෂණ කටයුතු සඳහා තම පෞද්ගලික මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ලබා දී තිබේ.

    ඒ, ටෙනිසිහි පිහිටි වැන්ඩ්‍රිබිට් විශ්ව විද්‍යාලය සඳහායි. 74 හැවිරිදි ඩොලී පාට්න් ලෝක වාසී ජනතාව දිරි ගැන්වීමේ අරමුණින් මෙය සිදුකර තිබේ. ඇය කියා සිටියේ තම දීර්ඝ කාලීන මිතුරෙකු වූ වෛද්‍ය නජී අබුමර්ඩ් මහතාගේ සහභාගීත්වයෙන් එම විශ්වවිද්‍යාලයේ සිදුකරන පර්යේෂණ සඳහා තම දායකත්වය ලබාදෙන බවයි.

    බටහිර ජනප්‍රියතම ගායිකාවක් වූ ඩොලී පාට්න් තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි මේ බව සඳහන් කර තිබිණ. කොරෝනා වසංගතය දෙවියන් විසින් ලෝක ජනතාවට ලබා දුන් පාඩමක් බවයි, ඇය කියා සිටියේ. යහපත් අරමුණු වලින් මිනිසුන් පිරිපුන්වී සිටිය යුතු බව ද ඇය සදහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 10:19

    Latest News