කොවිඩ් හමුවේ ඉගැන්වීම් ක්‍රියාවලියට ගුවන්විදුලි සේවාවල සහය

මාර් 24, 2021

    කොවිඩ් 19 වසංගතය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් විදුලි සේවාවල සහය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

    තුන්වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂයන් ආවරණය කරමින් අයි සහ නේත්‍රා යන නාලිකා ඔස්සේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන මේ වන විටත් විකාශ කරනු ලබයි.

    එම නාලිකාවලින් ආවරණය නොවන ප්‍රදේශ සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජාතික සහ ප්‍රාදේශීය ගුවන් විදුලි නාලිකා ඔස්සේ අධ්‍යාපනික වැඩසටහන් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Latest News