මෙරට කොවිඩ් මරණ 5000 සීමාව ඉක්මවයි

අගෝ 08, 2021

    මෙරට කොවිඩ් ආසාදිත මරණ 5,000 සීමාව පසු කර තිබේ. ඒ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.

    ඒ අනූව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 5,017ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගතවූ දින 06ක කාලය තුලදී පමණක් මරණ 509ක් වාර්තා වී ඇත.

    Latest News