දිඹුලපතන පොලිස් නිලධාරීයෙක්ට කොවිඩ්

ජූනි 19, 2021

    හැටන්, දිඹුල පතන පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වී තිබේ.

    රෝග ලක්ෂණ මතුවීම නිසා නිලධාරියා දික්ඔය මුලික රෝහලට ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී ඔහුට වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

    අසාදිත පොලිස් පරික්ෂකවරයා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමටත්, අසාදිත පොලිස් නිලධාරියාගේ ළගම ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News