'කොවිඩ්19' අවධානම් - යටතේ පනවා ඇති සීමාවන් සංශෝධනය කෙරේ

මැයි 03, 2021

    මෑත කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ 'කොවිඩ්-19' ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් අවධානම් අදියර-3 යටතේ අවසර දී ඇති කාර්යයන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තවදුරටත් සංශෝධනය කර තිබේ.

    වහාම ක්‍රියාත්මක වන ලෙස නිකුත් කර ඇති මෙම මාර්ගෝපදේශ නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙයි.

    'කොවිඩ්-19' වෛරසයට සාර්ථකව මුහුණදීම සඳහා පිළිපැදිය යුතු වැදගත් පුර්වාරක්ෂක විධි ක්‍රම ගණනාවක් (DReAM)) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතර එකී පූර්වෝපායයන් ඉහත සඳහන් මාර්ගෝපදේශයන්හි අන්තර්ගතව තිබේ.

    ලෙස හඳුන්වාදී ඇති මෙම පූර්වාරක්ෂක විධි ක්‍රම දැඩිම අනුගමනය කිරීමේ අවශ්‍යතාව නැවත නැවත අවධාරනය කරනු ලැබේ.

    D - පුද්ගල දුරස්ථභාවය,සමූහ ලෙස රැස් නොවී සිටීම,නිවසටම වී සිටීම (Physical Distancing, no gathering, mainly stay at home)

    Re - ශ්වසන චර්යා විධි (Respiratory etiquette)

    A - විෂබීජහරණ පිළිනවේ (දෑත් සේදීම, විෂබීජනාශක දියර යෙදීම) (Aseptic practices)

    M - නිසි අන්දමට මුව ආවරණ පැළඳීම (Proper use of Mask)

    කොවිඩ් - 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අවධානම් අදියර - 3 සඳහා තවදුරටත් සීමා කිරීම් ඇතුළත් කරනු ලැබේ.

    Untitled 1

     

    Report2

    Report3

    Report4

     

     

    Last modified on සදුදා, 03 මැයි 2021 09:22

    Latest News