ස්පාඤ්ඤයේ ඊයේ දිනට මරණ 864ක්

අප්‍රේ 02, 2020

    ස්පාඤ්ඤය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය.

    ඊයේ දිනයේ පමණක් කොරෝනා වෛරස ආසාදිතයින් 864ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වන විට යුරෝපයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මේ වන විට ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 9,000 ඉක්මවා තිබේ. එසේම, වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ද ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි, වාර්තා පෙන්වා දෙන්නේ. නමුත්, ස්පාඤ්ඤයේ රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ඇති බවයි, ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 10:08

    Latest News