මුළු ඉතාලියම නිරෝධායනයට

මාර් 10, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් මුලු ඉතාලියම නිරෝධායනය කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. ඒ අනූව මුළු රටේම පොදු ජනයා රැස්වන අවස්ථාවන් තහනම් වනු ඇති.

    ඉතාලි අගමැතිවරයා සඳහන් කරන්නේ, රටවැසියන්ට සේවයට වාර්තා කිරීම සහ හදිසි අවස්ථාවල දී පමණක් නිවසින් පිටත ගමන් කළ හැකි බවයි. මෙම නීතිය අද සිට ක්‍රියාත්මකයි. ඉතාලියේ වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 9,000 ඉක්මවා ඇති අතර ඊයේ වන විට මරණ සංඛ්‍යාව වාර්තා වූයේ 463ක් ලෙසින්. චීනයට අමතරව වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන රට ලෙසට මේ වන විට ඉතාලිය පත්ව තිබේ. ඉතාලියේ ප්‍රාන්ත 20කින් මේ වන විට රෝගීන් වාර්තා වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 09:29

    Latest News