කොරෝනා ශරීරයට ඇතුළුව දින 5කට පසු රෝග ලක්ෂණ

මාර් 10, 2020

    කොරෝනා වෛරසය මේ වන විට රටවල් 110ක ව්‍යාප්ත වී තිබේ. වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ දහතුන් දහස ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඉන් තිස් දහස් හයසිය හැට පහක් චීනයට පිටින් වාර්තා වෙයි. වාර්තා වූ මරණ සංඛ්‍යාව ඊයේ වන විට 3,996ක්. චීනයට පිටතින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 463ක්. චීනයෙන් වාර්තා වන රෝගීන්ගෙන් අඩුවීමක් දක්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    එසේම මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා ඇති බවයි, වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර කොරෝනා වෛරසය ශරීරයට ඇතුළුවීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්වීම සඳහා දින 5ක පමණ කාලයක් ගතවන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. පරීක්ෂණවලට අනූව බොහෝ දෙනා රෝග ලක්ෂණ පෙන්වා ඇත්තේ පස්වැනි දින හෝ ඊට පසුවයි. විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ වෛරසය වැළඳී ඇතැයි, සැක කෙරෙන හෝ වෛරසය පිළිබඳ අවධානමක් ඇති පුද්ගලයින් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක්වීම මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට මහඟු ලෙස උපකාර වන බවයි.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 08:07

    Latest News