වසර 40කට පෙර කොරෝනා අනාවැකියක්

මාර් 10, 2020

    "ද අයිස් ඔෆ් ඩාර්ක්නස්" හෙවත් අන්ධකාරයේ දෙනෙත් නමැති ප්‍රබන්ධ ග්‍රන්ථය රචනා කළ අමෙරිකාවේ සම්මානනීය නවතකාකරුවෙකු වන "ඩීන් කූන්ට්ස්"ගේ ග්‍රන්ථය පිළිබඳව ද මේ දිනවල යුරෝපයේ ප්‍රචලිත වෙත කතාබහට ලක්ව තිබේ.

    "වූහාන් 400" නමැති චීනයේ නිපදවන ලද පරිගණකමය ඩිස්කට් වාර්තාවක් එරට සිට අමෙරිකාවට ගෙන ඒමේ දී හට ගත් සිද්ධියක් පිළිබඳව මෙහි දැක්වේ. එහි සඳහන් වන්නේ දශක ගණනාවකට පසු අත්‍යවශ්‍යම හා භයානකම ජීව අවියක් එහි අඩංගු බවයි. එය වූහාන් 400 නමින් කතුවරයා නම්කර තිබේ. ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන සෑදූ මෙම ජීව විද්‍යාත්මක අවිය ප්‍රභලත්වයෙන් අනූනයි.

    එහි ජීවමය බලය 400 ගුණයකින් වැඩියි. 1981 දී ලියා ඇති මෙම නව කතාව අද වන විට යුරෝපයේ වඩාත් අවධානයට ලක්වූ ග්‍රන්ථ අතර පවතින බව සඳහන් වෙයි. "ලී චෙන්" නමැති චීන විද්‍යාඥයෙකු වූහාන් 400 ජීව විද්‍යාත්මක අවිය නිපදවා ඇති බව එහි කතුවරයා සඳහන් කර තිබේ. නවකතාව පිටු 315කින් සමන්විතයි. මෙය ප්‍රබන්ධයක් වුවද මේ දිනවල ලොව පුරා පැතිර පවත්නා "කොවිඩ් 19" හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳව පූර්ව කතනයක් මෙම නවකතාවේ දැක්වෙන බව විචාරකයින්ගේ අදහසයි.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 13:41

    Latest News