'කොවිඩ් 19' පැතිර යාමට බලපෑම් කළ ආගමික ප්‍රධානියා ගැන පරීක්ෂයක්

මාර් 02, 2020

    කොරෝනා වෛරසය නොහොත් කොවිඩ් 19 වෛරසය පැතිර යාමට දකුණු කොරියාවේ දැඩි බලපෑමක් එල්ල කළ ආගමික පල්ලියක ප්‍රධානියාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

    කෙසේ වෙතත්, දකුණු කොරියාවේ වෛරසය මුල් වරට පැතිර ගිය බවට සැලකෙන ආගමික පල්ලියක ලී මෑන් හි නමැති පල්ලියේ ප්‍රාරම්භකයා ඇතුළු තවත් 11 දෙනෙකුට වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. වෛරසය පැතිර යාමට පෙර එය වැළඳුණු පුද්ගලයන් හඳුනා ගැනීමට බලධාරීන් කටයුතු කරන අතරතුර තම නිකායේ සෙසු සාමාජිකයන්ගේ අනන්‍යතාව බලධාරීන්ට සැඟවීමට ලී මෑන්හි කටයුතු කළ බවටයි, චෝදනා එල්ල වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මේ වන විටත් දකුණු කොරියානු බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.

     

     

    Last modified on සදුදා, 02 මාර්තු 2020 09:41

    Latest News