ඔස්ට්‍රේලියාවේ පළමු කොරෝනා ආසාදිතයා පර්ත් නුවරින්

මාර් 01, 2020

    ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කොරෝනා මණය පර්ත් නුවරින් අද උදෑසන වාර්තා විය.

    78 හැවිරිදි ඔහු දැනට ජපානයේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් ඉවත් කරගත් ඔස්ට්‍රේලියානුවෙක්. එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මියගිය පුද්ගලයාගේ බිරිඳට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. ඉකුත් පැය 24 තුළ දකුණු කොරියාවෙන් නව වෛරස් ආසාදිතයින් 376ක් වාර්තා වීමත් සමග එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3526ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වූ මරණ සංඛ්‍යාව 17ක්.

    ඉතාලියේ ද 1128 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර, මරණ 29ක් වාර්තා විය. කෙසේ වෙතත් එම රටවල වෙසෙන කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

     

     

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 11:49

    Latest News