ඉරානයේ භූ කම්පනයකින් තුර්කි ජාතිකයින් 9ක් මරුට

පෙබ 24, 2020

    ඉරානයේ දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයකින් තුර්කියේ පුද්ගලයින් 9 දෙනෙක් මියගොස් තිබේ. තුර්කියේ තවත් 37 දෙනෙකු භූ කම්පනය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    රිට්චර් පරිමාණයේ ඒකක 5.7ක් ලෙස භූ කම්පනය සටහන් විය. ඒ හේතුවෙන් ඉරානයේ බටහිර අසර්බයිජාන් ප්‍රදේශයේ නිවාස 43කට හානි සිදුව ඇති අතර තුවාල ලැබූ පිරිස 75කට අධිකයි. තුර්කියේ මියගිය පුද්ගලයින් 9 දෙනා අතර කුඩා දරුවන් තිදෙනෙක් ද වන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. කඩා වැටුණු නිවාසවලට යටවූ පිරිස් මුදා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

    මෙම කලාපය තුළ නිරන්තරයෙන් භූ කම්පන සිදු වෙයි. ඊයේ සිදුව ඇති භූ කම්පනයෙන් ද තුර්කියේ විනාශ වී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 1,066කට අධිකයි.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 09:22

    Latest News