කැනරි දූපතට දරුණු වැලි කුණාටුවක්

පෙබ 24, 2020

    ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට දරුණු වැලි කුණාටුවලින් බලපෑම් එල්ල වී තිබේ. සහරා කාන්තායේ සිට පැමිණෙන අදාළ වැලි කුණාටු හේතුවෙන් එරට ගුවන් ගමන් රැසක් අත්හිටුවීමටයි, බලධාරීන් කටයුතු කර ඇත්තේ.

    කැනරි දූපත්හි සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට කල් දැමීමට හෝ නැවත හරහා යැවීමට ස්පාඤ්ඤ ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. වැලි කුණාටුව හේතුවෙන් ප්‍රදේශය මුළුමනින්ම වැසී ගොස් තිබූ අතර ඒ හේතුවෙන් ගුවන් ගමන්වල ඇති අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගෙන තිබිණ. කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විට ටෙහෙරීෆ් ගුවන් තොටුපොළ හැර අනෙකුත් ගුවන්තොටුපොළවල කටයුතු යථා තත්වයට පත් කිරීමට ක්‍රියා කළ බව ද වාර්තා වෙයි.

    ජනතාවට තවදුරටත් නිවෙස් තුළ රැදෙමින් ආරක්ෂාව සළසා ගන්නා ලෙසට බලධාරීන් උපදෙස් දී ඇති බවයි, වාර්තා වන්නේ. කැනරි දූපත්වලට අද දිනයේත් පැයට කිලෝමීටර 120ට වැඩි සුළං තත්වයක් පැවතිය හැකි බවට ජාතික කාලගුණ සේවාව අනතුරු අඟවා තිබේ.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 10:25

    Latest News