කොවිඩ් 19 මරණ 2,470ක්...රටවල් 33කට ව්‍යාප්තයි

පෙබ 24, 2020

    කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගොස් ඇති සංඛ්‍යාව 2,470ක්. 78,999ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර සුවය ලැබූ පිරිස 23,577ක් ලෙසයි වාර්තා වන්නේ.

    රටවල් 33කට අධික සංඛ්‍යාවකට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තව තිබේ. ඉරාකය,ස්වීඩනය,ලෙබනනය හා ඊශ්‍රායලය ද වෛරස් ආසාදිතයන් හමුවන අලුත් රටවල්. කෙසේ වෙතත්, චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ මෙම නව වෛරසය මේ වන විට දකුණු කොරියාව,ඉරානය හා ඉතාලියට සිදුකර ඇති බලපෑම වඩාත් අවධානයට ලක්ව තිබේ. දකුණු කොරියාවෙන් වෛරස් ආසාදිතයින් 602ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 6ක්. මේ වන විට චීනයෙන් පසුව වැඩිම මරණ වාර්තා වන්නේ ඉරානයෙන්. එරම සංඛ්‍යාව 8ක් වන අතර ආසාදිත පිරිස 43ක්. තුර්කිය හා පාකිස්තානය ඉරාන දේශසීමා වසා දැමීමට ද කටයුතු කර ඇත්තේ, වෛරස් ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහායි.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 09:22

    Latest News