නව කොරොනා නියුමෝනියා වසංගතය පැතිරීම වැළැක්වීමට විශේෂ නියෝජිතයන් 6දෙනෙක්

පෙබ 22, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා නව කොරොනා නියුමෝනියා වසංගතය පැතිරීම වැළැක්වීමේ විශේෂ නියෝජිතයින් 6දෙනෙකු නම් කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ (21) ස්වේට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

    ඔවුන් විවිධ රටවල එම වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා කටයුතු කරනු ඇති.

    එම විශේෂ නියෝජිතයින් 6දෙනා වනුයේ ඊජිප්තුවේ හිටපු සෞඛ්‍ය ඇමති Maha El Rabbat, 2030 වසරේ තිරසර සංවර්ධන හා දේශගුණික විපර්යාස න්‍යාය පත්‍රය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ හිටපු උපදේශක David Nabarro, අප්‍රිකානු මහද්වීපයේ රෝග වැළැක්වීම් හා පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ John Nkengasong, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇමරිකා මහද්වීප කලාපයේ හිටපු අධ්‍යක්ෂ Mirta Roses, ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර ශාන්තිකර කලාපයේ හිටපු අධ්‍යක්ෂ Shin Young-soo සහ මාලි එන්නත් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂTedros මහතායි.

    අයහපත් සෞඛ්‍ය පහසුකම් සහිත රටවල කොරොනා වසංගතය පැතිර යාමේ ඇති අවදානම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය කණස්සල්ල පළ කරන බවද හෙතෙම කීය.

    වසංගතය පැතිරීම වැළැක්වීමට එම විශේෂ නියෝජිතයින් ගෝලීය මෙහෙවර සම්බන්ධීකරණය කිරීමට සහය වනු ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් ක‍ර තිබේ.

    Latest News