ටෝකියෝ ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟ පවත්වන බව ජපානය පවසයි

පෙබ 22, 2020

    සැලසුම් කළ පරිදි ටෝකියෝ ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟ පවත්වන බවට ජපානය ප්‍රතිඥා දෙයි.

    කොරොනා වෛරස වසංගතය පැතිරයාම බරපතල වීමේ තත්ත්වය හමුවේ ජපානය මේ බව සඳහන් කර ඇත.

    ජපාන කැබිනට් ලේකම්වරයා සඳහන් කළේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ටෝකියෝ නාගරික රජය හා සංවිධාන කමිටුව සමීප සම්බන්ධීකරණ පවත්වන බවයි.

    ක්‍රීඩකයින් ගේ සහ නරඹන්නන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරමින් අදාළ සැලසුම් ඉදිරියට පවත්වා ගෙන යාමට ක්‍රියා කෙරේ.

    කොරොනා වෛරස වසංගතයෙන් ජපානයේ පුද්ගලයෝ 3 දෙනෙක් මිය ගොස් සිටිති.

    700 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇත.

    ක්‍රීඩා ඉසව් රැසකට එම තත්ත්වය බලපා ඇති අතර මහ පරිමාණ ක්‍රියාකාරකම් නොපවත්වන ලෙසට ජපානයේ ඇතැම් වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

    ඔලිම්පික් ගිණිසිළු ධාවනය මාර්තු 26 වෙනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

     

    Latest News