චීන ජනාධිපතිගෙන් ‍බිල් ගේට්ස් ලිපියක්

පෙබ 22, 2020

    චීන ජනාධිපති ෂීජින්පිං අමෙරිකානු ව්‍යාපාරික ‍බිල් ගේට්ස් හට ලිපියක් යෙමු කර තිබේ. 

    බිල් ගේට්ස් සහ ‘Bill & Melinda Gates’ අරමුදල, චීනයේ නව කොරොනා වෛරස වසංගතය පාලනයට දැක්වූ අනුබලය සඳහා ස්තුතිය පුද කරන බව චීන ජනාධිපතිවරයාගේ ලිපියේ සඳහන් වෙයි.

    වසංගතය පාලනය සඳහා චීනය මුළු රටේම ශක්තිය යොදා ගනිමින් පෙරනොවූ විරූ පාලන විධිවිධාන හා ප්‍රතිකාර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයන් දිනා ගෙන ඇතැයි ෂී ජින්පිං පෙන්වා දෙයි.

    මානවයා සිටින්නේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් තුළය.

    මානවයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ජගත් ප්‍රජාව පොදු සම්බන්ධීකරණය පවත්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

    පසුගිය 27 වැනිදා ‘Bill & Melinda Gates’ අරමුදල චීනයේ සිදු වූ ‍නව කොරොනා වෛරස වසංගතය පාලනය සඳහා ඇ.ඩො. මිලියන 5ක හදිසි මුල්‍යාධාරයක් පරිත්‍යාග කළේය.

    පසුව අදාළ ඖෂධ, එන්නත් හා චිකිත්සක ක්‍රම පිළිබඳ පර්යේෂණවලට චීනයට සහාය දීම සඳහා ඇ.ඩො. කෝටි දහයක මුල්‍යාධාරයක් ලබා දීමට ද එම ආයතනය පොරොන්දු විය.

    Latest News