සිරියානු ප්‍රහාරයකින් තුර්කි භටයින් 5ක් මරුට

පෙබ 11, 2020

    සිරියානු හමුදා එරට ඉඩ්ලිබ් නගරයේ එල්ල කළ ප්‍රහාරවලින් තුර්කි හමුදා භටයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

    තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි, තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. ඔවුන් මියගොස් ඇත්තේ, සිරියානු හමුදාව විසින් එල්ල කරන ලද කාලතුවක්කු ප්‍රහාරයකින්. තුර්කි හමුදාවන් ඔවුන්ට අයත් නිරීක්ෂණ කඳවුරක සිටින අවස්ථාවේ දී මෙම ප්‍රහාරයට ගොදුරු විය. මෙම ප්‍රහාරයට පිළිතුරු වශයෙන් තුර්කි හමුදාවන් සිරියානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සතියේ ද මෙවැනිම ප්‍රහාරයකින් තුර්කි හමුදා භටයින් 08 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 09:13

    Latest News