කොරෝනා වෛරසය ගැන සොයාබැලීමට චීන ජනපති බීජිං වෙත

පෙබ 11, 2020

    කොරෝනා වෛරසය පිළිබඳ විස්තර සොයා බැලීමට චීන ජනාධිපති ෂී ජින් පින් ඊයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    ඒ බිජිං අගනුවර සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයකයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීන ජනාධිපතිවරයාගේ මෙම චාරිකාව ඉතා විරල ක්‍රියාවක් බවයි. චීන ජනාධිපතිවරයා වෛරස ආසාදිත ප්‍රදේශ නිරීක්ෂණය නොකිරීම පිළිබඳව ඇතැම් විදෙස් මාධ්‍ය පසුගිය දිනවල චෝදනා එල්ල කළේය.

    ජනාධිපතිවරයා නිරීක්ෂණ චාරිකාව අතරතුර සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයකම තොරතුරු සොයා බලනු ලැබීය. මෙහිදී ජනාධිපතිවරයාගේ ද ශරීර උෂ්ණත්වය මැන බැලීමක් සිදුර කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 08:52

    Latest News