තුර්කි - සිරියා හමුදා ගැටුම්වලට ඉඩක් නැහැ..රුසියාව

ඔක් 16, 2019

    තුර්කිය හා සිරියානු හමුදා අතර ගැටුම්වලට ඉඩ නොදෙන බව, රුසියාව පවසයි. තුර්කිය තම හමුදා මෙහෙයුම් උතුරු සිරියාවේ අඛණ්ඩව සිදු කරන බවයි, වාර්තා වන්නේ.

    මෙය හුදෙක් පිළිගත නොහැකි බව, රුසියාව පවසයි. ඊට තමන්ගේ සහාය කිසිසේත් ලබා නොදෙන බවයි, රුසියාවේ මොස්කව් විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් ලව්රෙන්ටේව් පවසන්නේ. පසුගියදා අමෙරිකා එක්සත් ජනපදය තම හමුදා උතුරු සිරියාවෙන් ඉවත්කර ගැනීම තුර්කියට මෙහෙයුම් සඳහා අවස්ථාවක් වූ බව, විචාරකයෝ පවසයි.

    රුසියාව සිරියානු නායක බෂර් අල් අසාද්ගේ ප්‍රධාන හමුදා සහායකයෙක්. මේ අතර උතුරු දිග සිරියායේ සිදු කරන හමුදා මෙහෙයුම් හේතුවෙන් තුර්කියට අවි ආයුධ සැපයීම ඉතාලිය අත්හිටුවා තිබේ.

     

     

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 07:39

    Latest News