ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ 18ක් මරුට

ජන 16, 2020

    සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ වෙළෙඳපොළකට සහ කාර්මික කලාපයකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

    ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් රැසක් බරපතල තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. රුසියාව හා සිරියානු රජයේ ගුවන් යානා මෙම ප්‍රහාරය සිදු කළ බව, නිරික්ෂණ කණ්ඩායම් පවසයි. රුසියාව සහ තුර්කිය මේ මස මුලදී සටන් විරාමයකට එළඹි අතර එවැනි වාතාවරණයක මෙම ප්‍රහාරය සිදුවිය. ඉඩ්ලිබ් යනු සිරියාවේ කැරළිකරුවන් සතු අවසන් බල කොටුවයි.

    කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් සිරියානු රජය හෝ රුසියානු ආරක්ෂක අංශ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත. ප්‍රහාරයෙන් දේපළ හානි රැසක් ද සිදුව ඇති අතර, රථ වාහන රැසක් මුළුමනින්ම ගිනිගෙන දැවී ගොස් තිබේ. ඇතැම් පුද්ගලයින් ආදළ රථ වාහන තුළම මියගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 09:35

    Latest News