තායිලන්තයේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමකින් 20ක් මරුට

පෙබ 09, 2020

    තායිලන්තයේ කොරාට් නුවර සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු මියගොස් තිබේ.

    වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එරට ආරක්ෂක අංශවල වෙඩි පහරින් අද උදෑසන ජීවිතක්ෂයට පත්විය. ජක්රාපත් තොම්මා නමැති මොහු එරට හමුදාවේ සේවය කරන කණිෂ්ට නිලධාරියෙක්. මේ වෙඩි තැබීම සිදුකිරීමට පෙර ඔහු ඊයේ සිය අණදෙන නිලධාරියාගේ නිවසට ගොස් අණදෙන නිලධාරියා ඇතුළු තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කර අනතුරුව, මොහු පැහැරගත් ගිනි අවි සමග හමුදා රථයකින් කොරාට් නුවරට පැමිණ එහි පිහිටි සාප්පු සංකීර්ණයට ඇතුළු වී මේ වෙඩි තැබීම සිදුකර තිබේ.

    වෙඩි තැබීම සිදුකළ ඔහු ඊයේ මුළු රාත්‍රිය පුරා සාප්පු සංකීර්ණය තුළ ගැවසුණු බවයි එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. සිද්ධිය අතරතුර 42 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් 21 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එරට ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ. අපරාධකරු සොයා සිදුකළ මෙහෙයුම්වල දී ආරක්ෂක හමුදා නිලධාරියෙකු ද මිය ගියේය.

     

      

    Last modified on ඉරිදා, 09 පෙබරවාරි 2020 11:24

    Latest News